බලපත්‍ර නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක, අරුක්වත්ත ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බලපත්‍රයක් නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාම හා සත්ව හිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඊයේ(26) රාත්‍රී අත්අඩංගුවට ගෙන පාදුක්ක පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරුවන් 33, 34 සහ 42 යන වයස්වල පසුවන පාදුක්ක හා දෙහිඕවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නෙ.
ඝාතනය කිරීමට රැගෙනවිත් තිබූ ගවයන් දෙදෙනෙකු, ඝාතන උපකරණ ලෙස යොදාගත් පොරවක්, පිහි දෙකක් හා ගවයන් ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














