අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ බව කියන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකය නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 වන වියේ පසුවන හිගුරක්ගොඩ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ අයෙකි.
පොළොන්නරුව, බකමූණ ප්‍රදේශය් පාසලක නේවාසිකාගාරයක ඔහු නවාතැන් ගෙන සිට ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
අදාළ සැකකරු බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද(30) දා බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.