ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.
ප්රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි.