නැගෙනහිර පලාත් සබාවේ හෙිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් මහතා නොහොත් ඉනියභාරතී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ නැගෙනහිර විශ්වවිදයාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් මස 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවෙත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් මස 08 වනදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර මේ වන විට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිනවා.
එලෙස රඳවාගෙන සිටින පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ කරුණු පදනම් කර ගනිමින් ඉනියභාරතී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරිපෙල නායකයෙකු ලෙසටද කටයුතු කළ අතර ඔහු පිල්ලෙපයාන්ගේ දේශපාලන පක්ෂය වන ටී.එම්.පී.පී. පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයාද වනවා.