ස්වාධීන කණ්ඩායම අංක 01ට බලය හිමි නාවලපිටිය නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත අද(11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින් ඉදිරිපත් කළ අතර එම අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මත වී තිබෙනවා.
ඒ අනුව නාවලපිටිය නගර සභාවේ අපේක්ෂිත ආදායම රුපියල් 751,544,900කි.
එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ නාවලපිටිය නගර සභාවේ උප සභාපති කරුපන්නන් සුරේෂ්වරන් මහතාට (ස්වාධීන කණ්ඩායම 02) නගර සභාවේ කාර්යභාර කටයුතු කරගැනීම සඳහා අවශ්‍යලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සභාව තුළ හටගැණින.
එම යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමත් සමග නැගී සිටි ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතා විමසා සිටියේ මේ වන විට සභාවට පරිගණකයක් මිලදී ගැනීමක් සිදු කර තිබේද යන්න පිළිඳවයි.
එහිදී සභාවේ එම්. ජයසුන්දර ලේකම්වරිය කියා සිටියේ මේ වන විට මුදල් හා ප්‍රතිපාදන කමිටුවේ නිර්දේශ මත පරිගණකයක් මිලදී ගෙන ඇති බවයි.
එහෙත් එම තීරණය පිළිබඳ මහ සභාව දැනුවත්ව නොතිබීම හාමුදල් කමිටුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නෝබට් පෙරේරා මහතා සිදු කළ විමසීමකදී ඒ සම්බන්ධව නිස පිළිතුරක් ලබානොදී මෙසේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම පිළිබඳ සභාවේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය මතුව තිබෙනවා.
නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් සතු වන අතර සභාපති ඇතුළු සියලු මන්ත්‍රීවරුන් මෙසේ මහා සභාවට දැනුවත් නොකර ලක්ෂ 03කට වැඩි නගර සභාවේ මුදලක් වැය කරමින් ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම් පිළිබඳ නගර සභා නිලධාරීන්ට සභාපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පළකරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වගකීම සභාපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරුන්ට භාරගත නොහැකි බවයි.













