ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30 කට වැඩි පිරිසක් මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයේ සිදුවූ මෙම නායයෑමට හේතුව නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව බවද එම වාර්තා පවසයි.
මඩ, පස තට්ටු සහ ගල් ඉවත් කරමින්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙයි. ඒ සඳහා බැකෝ යන්ත්‍ර පවා යොදා ගන්නා බවද වාර්තා වේ.