Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !

    නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !

    2025-09-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සිදුකල ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
    නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත නීතිඥයෙකු මාර්ගයෙන් මෙම එන්තරවාසිය යවා ඇති බවයි වාර්තා වන්නේ.

    2025 වසරේ සැප්තැම්බර් මස 6 වන දා හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බව අදාළ එන්තරවාසියේ සඳහන්.

    එම ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණා.
    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද එහිදී ප්‍රකාශ කර ඇති බවයි අදාළ එන්තරවාසියේ සදහන්ව ඇත්තේ.

    එම ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඉතා පැහැදිලි ලෙස මාධ්‍යයට ප්‍රදර්ශනය කර ප්‍රකාශ නිකුත් කර ඇති බව නීතිඥවරයා එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.
    නාමල් රාජපක්ෂ මහතාට සහ ඔහු නියෝජනය කරන පක්ෂයට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමට ද මෙම ප්‍රකාශය පාදක වී ඇති බව එහි දැක්වෙනවා .
    ඒ තුළින් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුකර ඇති බවටත් අපහාසාත්මක ලෙස ඔහුගේ චරිතය ගැන අන් අය තුළ වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කර ඇති බවද එන්තරවාසියෙන් පෙන්වා දී තිබුණා.

    ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයෙන් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් බිලියනයක තක්සේරුවක් ද නීතිඥයා විසින් සිදුකර ඇති බව සදහන්.

    දින තුනක කාලයක් තුළ ඉහත සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව ලබාදුන් ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නාමල් රාජපක්ෂ මහතට එරෙහිව සිදුකළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත දැනුම්දී ඇත්තේ.

    එසේ නොවන්නේ නම් ලිපියේ සඳහන් දින 14ක් ඇතුළත එකී මුදල තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතා වෙත ගෙවීමට කටයුතු කරන ලෙස එහි දක්වා තිබුනා.
    එසේ නොවන්නේ නම්, රුපියල් බිලියනයක මුදල ද ඊට අදාළ නෛතික පොලිය ද, නඩු ගාස්තු සහ වෙනත් ආනුශංගික වියදම් ද අයකර ගැනීම උදෙසා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නඩු පවරන බවයි අදාළ එන්තරවාසියේ සඳහන් ව ඇත්තේ.

    පෙර පුව​තහමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –

    සබැ​ඳි පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group