කයිට්ස්, නාගදීප ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ දේහයක් සොයා ගැනුණු බවයි.
නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට සැකපිට වයස අවුරුදු 35ක් පමණ වූ කොටගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙයක් කයිට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිf බනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














