කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමියේ ඩක්කුව කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස මහව අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහාය ලබාගන්නා ලෙසටයි මහව මහෙස්ත්‍රාත්වරිය පන්සියගම පොලීසියට නියෝග කර ඇත්තේ.
මෙම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.
මෙහිදි යම් අපරාධමය වරදක් සිදු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන්නේ නම්, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය පන්සියගම පොලිසියට නියෝග කර ඇත්තේ.
මේ අතර අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය හෙට පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කරනවා.