නවකවදය ඇතුළු සියලු ආකාරයේ වද හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවයි. එමෙන්ම නවකවදය පමණක් නොව ශිෂ්‍යයන් වෙත ශිෂ්‍යන්ගෙන් සහ ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්ය සාධක බළකායේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
උණුසුම් පුවත්
- එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විජිත හේරත් අතර හමුවක්
- ආයුර්වේදයට නව කොමසාරිස්වරියක්
- ගත වූ පැය 24 තුළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 736 ක් අත්අඩංගුවට
- නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
- රංජිත් වීරසිංහට රුසියානු රාජ්‍ය සම්මානයක්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි











