ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 206 ක් රැස් කර ගත්තා.
නායක දසුන් ශානක පන්දු 22 ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 06 ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුණා.
එමෙන්ම දසුන් ශානක පන්දු 20 කදී රැස් කළ මෙම අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වුයේ විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.
මීට අමතරව ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 33 ක් රැස් කර ගනු ලැබුවා.
ලකුණු 207 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දිය පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 190 ක් පමණයි.
ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ වන විට දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කර සිටිනවා.
උණුසුම් පුවත්
- බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
- ඊශ්‍රායලයට ළමා ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා නිසි අවධානයක් යොමු කරන ලෙස අගමැතනියගෙන් නිලධාරීන්ට උපදෙස්
- ඩොලරයේ විකුණුම් මිල ඉහළට
- කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
- ජූනි 30 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
- වනඅලි ගැටලුව විසඳීමට කමිටුවක්
- අල්ලස් ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිදෙනා තවදුරටත් රිමාන්ඩ්