පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඉංගරදවුල ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඇරෑපොල, ඉංගරදවුල ප්‍රදේශයේදී අදාළ පුද්ගලයින් දෙදෙනා විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එලෙස ඇතුළත් කිරීමෙන් පසුව තුවාලකරු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
නාරාංගොඩ, ඉංගරදවුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් පමණ පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ කලක සිට පැවැති පුද්ගලික ආරවුදලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉංගරදවුල ප්‍රද්ශයේම පදිංචි 49 හැවිරිදි අයෙක් වයි පොලිසිය කියා සිටියේ.
මෘතදේහය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇරෑපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.