සීදූව ප්රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු වේදනානාශකයක් අධි මාත්රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා.
රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා රාත්රියේදීය.
ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්රියභාෂිනී නම් කාන්තාවකි.
පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවය.
එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.
ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි.
ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැකපළකරයි.