වවුනියාව, මහරම්බකුලම ප්රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නිකවැරටිය, මහගරිල්ල ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.
එම දුරකථන සමාගමේ සේවකයෙකු වන ඔහු මෙම දුරකථන කුළුණෙහි නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
එම අවස්ථාවේදී ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනුණද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් බලධාරින් ප්රකාශ කළේ.