දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කලේ මගීන්ගේ පහසුව උදෙසා මෙම පියවර ගෙන ඇති බවයි .
ඒ අනූව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ආසන වෙන්කිරීමේ කටයුතු පෙරවරු 10.00 ට ආරම්භ කෙරෙනු ඇති.
මේ වන විට ආසන වෙන් කිරීමේ කටයුතු දිනපතා ආරම්භ වන්නේ රාත්රී 07.00 ටයි.