හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් දියවැලකට හසු වී දියඹට ගසාගෙන ගොස් ඇති අතර හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නාවික හමුදාවේ සහය ඇතිව කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදී කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට හික්කඩුව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ රුසියානු ජාතික කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මාතර, පිලදූව දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට මාතර පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ අඹගහවත්ත, ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලෙකි.
මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











