දිය අනතුරකින් විදෙස් ජාතික දැරියක් සහ පුද්ගලයෙක් බේරා ගැනීමට මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(24) සවස මිරිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික දැරියක් සහ පුද්ගලයෙකුට දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව ඊට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන් 59416 අජන්ත, පොලිස් කොස්තාපල් 96986 දිසානායක හා පොලිස් කොස්තාපල් 104360 දේශාන යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වූ රුසියානු ජාතික දැරියක් සහ වයස අවුරුදු 26ක් පමණ වන ඉන්දියානු ජාතිකයෙක් බවයි පොලිසිය කියා සිටියේ.













