දිය අනතුරකින් විදේශ ජාතිකයෙකු බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබෙනවා.
ඊයේ(05) සවස් කාලයේ හික්කඩුව වරාය අසල මුහුදු තීරයේ දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු දිය වැළකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරීයේ යෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 9372 ලාල් සහ පොලිස් කොස්තාපල් 79128 ජයනන්ද යන නිලධාරීන් විසින් එම පුද්ගලයා බේරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 52ක් පමණ වන රුසියානු ජාතිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.














