වයඹදිග පකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.
සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර පාකිස්තාන හමුදා සොල්දාදුවන් හත් දෙනකු තම ග්‍රහණයේ පසුවන බව ‘බලොච් විමුක්ති හමුදාව’ යන නමින් හැඳින්වෙන බෙදුම්වාදී සටන්කාමී සංවිධානය පවසනවා .
ඒ, එම හමුදා සොල්දාදුවන්ගේ ඡායරෑප සහ වීඩියෝ දසුන් ප්‍රසිද්ධි කරමින්.
පාකිස්තානයේ කොටසක් වන බලුකිස්තානය තුල මෙම බෙදුම්වාදී සටන්කාමී සංවිධානය ක්‍රියාත්මකයි.
මෙම පිරිස නිදහස් කිරීමට නම්, පකිස්තානයේ බන්ධනාගාරවල රඳවා ඇති තම සටන්කාමීන් කීප දෙනකු නිදහස් කරන ලෙසයි ‘බලොච් විමුක්ති හමුදාව’ පාකිස්තාන රජයට දැනුම් දී ඇත්තේ .
පාකිස්තානයට අයත් බලුකිස්තානය වෙනම රාජ්‍යයක් විය යුතු බව පෙන්වා දෙමින් මෙම බෙදුම්වාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනු ලබනවා .
දින හත ඇතුළත තම සහෝදර සටන්කාමීන් නිදහස් නොකරන්නේ නම්, තම ග්‍රහණයේ පසුවන පාකිස්තාන සෙබළුන්ට අත්වන්නේ මරණය බවද ඔවුන් පවසා තිබෙනවා .














