අද පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 20 හා 22 වයස්වල පසු වූ තරුණයන් දෙදෙනෙකි.
බේරාගෙන ඇත්තේ තරුණියන් තිදෙනෙකු වන අතර, එම තිදෙනා ද මෙම ආයතනයේ සේවය කරන අය බව පැවසේ.
ප්‍රදේශවාසීන් විසින් ඔරු යොදාගනිමින් අතුරුදන්වූවන් සොයා මෙහෙයුමත් දියත්කළත් පස්වරුව වනතෙක් ඔවුන් සොයාගැනීමට හැකි වී නොමැත.