මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පළමු රන්දෝලි පෙරහැර හෙට ආරම්භ වනවා.
අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වීමට නියමිතයි