දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි.
අදාළ විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ දිනවල සිදුවන බවත්, අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන් වන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.