දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
එහි ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වූ අවස්ථාවේදී අගමැතිවරිය මේ බව සදහන් කළා.
මෙම ක්‍රියාවලිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප කාර්යාල හරහා අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා.
පාසල් තුළ ආගම විෂය උගන්වන ගුරුභවතුන්හට වෙනත් විෂයන් ඉගැන්වීමට සිදුවන අවස්ථා අවම කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
කාලපරිච්ඡේද 20ක් ආගම ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවට මෙහිදී යෝජනා වූ අතර, මේ වන විට අක්‍රීය වී ඇති බෞද්ධ ශිෂ්‍ය සංගමය යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ත්‍රී රේද රථයක් තුල තිබී මළ සිරුරක් හමුවෙයි
- උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්
- 2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කරයි
- ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
- ඉදිරි දින කිහිපයේ වාර්ෂාපතනයේ වැඩි වීමක්
- Grandpashabet – Grandpashabet Casino – Grandpashabet Giri.4491
- ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
- ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක













