දියේ ගිලීමෙන් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් ගලේවෙල සහ තන්තිරිමලේ යන ප්‍රදේශවලදී මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තන්තිරිමලය, බෝගොඩ පාලම අසල මල්වතු ඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් පමණ වූ නිවන්දම දකුණ, ජා-ඇල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.
මියගිය තරුණයා මඩු පල්ලි වන්දනා සඳහා ගොස් ආපසු එමින් සිටියදී සිය ඥාතීන් සමග ඉහත කී ස්ථානයේදී දිය නාමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
තන්තිරිමලය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ගලේවෙල, දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් ඇති බව ගලේවෙල පොලිසිය පවසනවා.
පොලිසිය කිටියා සිටියේ දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක් පමණ වන දරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
ජීවිතක්ෂයට පත්වූ දරුවා තම පියා සහ ඥාතීන් සමග ඉහත කී ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
අනතුරුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මෘතදේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.