Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරු තිදෙනා සමග දිවි ගෙවන වෑවලවැව පියාගේ කඳුළු කතාව

    දරු තිදෙනා සමග දිවි ගෙවන වෑවලවැව පියාගේ කඳුළු කතාව

    - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
    2023-06-17කියවීමට මිනිත්තු 3ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම කුඩා දියණියන් දෙදෙනාත් පුතාත්  ජීවත්කරවන ආදර්ශමත් ආදරණීය පියෙකු දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ අලකොලවැව නම් වූ  අති දුෂ්කර වනයක් ආසන්නයේ ජිවත් වන පවුලක්  පියවරුන්ගේ දිනයදා  අපට හමු වුුුනා.

     දඹුල්ල වෑවලවැව අලකොල වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ජි .ජි .රුවන් කුමාර නමැති 41 හැවිරිදි මෙම තාත්තා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. කුඩාවට තනාගත් පුංචි කාමර දෙකක ඔවුහු ජීවත් වන අතර,ඔහුගේ ආදරණීය බිරිඳ චමිලා ජයතිලක 38 වියේ  පසුවෙද්දී  කිසිදු ලෙඩක් රෝගයක් පෙන්නුම් නොකොට එක වැරම වැලළඳුණු හිසේ කැක්කුම්ක් දරා ගැනීමට නොහැකිව හදිසියේම  මියගිය බව රුවන් කුමාර දෑස් වලින් කඳුළු වගුරුවමින් සිහිපත්  කරන්නට විය.

    හදිසි රෝගාතුර  වීමකින් තම පණ මෙන් ආදරය කළ බිරිද මිය යෑමත් සමග දියණියන් දෙදෙනාත් පුතාත්  රැකබලා ගැනීම මෙම පියාට  උරුම වී තිබේ. කුලී වැඩ කරමින් ඉතා සතුටින් ජීවත් වූ මෙම පවුලේ සතුට අහිමිවීමත්  සමග මවගේ  උණුසුම්ත්, පියාගේ රැකවරණයත්  දරුවන්ට කිසිඳු අඩුවක් නොදී දිනකට වේල් දෙකක් කුමන හෝ අහරයක් ලබාදෙන  මෙම තරුණ පියා සමස්ත සමාජයට ආදර්ශයක් දෙමින් ජීවත් වීම ලෝක පියවරුන් සමරන දිනයේ  සතුටින් කිව යුතුයි.

    රුවන් කුමාර ගෙ වැඩිමහල් පුතා වයස අවුරුදු  දාහතක් වන අතර  මව මිය යෑමත්  සමග ඔහු පාසල්  දිවියට සමු දී  ප්‍රදේශයේ හමුවන කුලී වැඩක් කරමින් තම පියාට සවියක් වේ. අප මෙම නිවෙසට යන අවස්ථාවේදී  මෙම වැඩිමල් පුතා කුලී වැඩකට ගොසිිින් සිටීම විශේෂත්වයකි. දෙවැනි දියණිය  කවීෂා දෙව්මිණි  වයස අවුරුදු 13 කි . එමෙන්ම සනුදි සෙහන්සා තවමත් වයස අවුරුදු 8 ක් වූ   පිය තුරුලේ හුරතල් වෙන දියණියකි.

    දරුවන්ගේ වැඩ කටයුතු නිසාවෙන් රුවන් කුමාරට නිතර නිතර රැකියාවකට යෑමට අපහසු වී තිබෙන අතර ඔහු අසල්වැසි හිතවතකුගෙන් ගව දෙනුන් කිහිපදෙනෙකු ඉල්ලාගෙන මේච්චලයට  රැකබලා ගනිමින්  එලදෙනුන්ගෙන් ලබාගන්නා කිරි වලින් මෙම දරුවන්ගේ අවශ්‍යතා සපුරා  ගන්නා බව අප සමග පැවසුවා.

    උදෑසන අවදිවන රුවන් කුමාර දියණියන් දෙදෙනාගේ   පාසල් ගමනට අවශ්‍ය ආහාර පාන පොත්පත් සකසා සුදු ගවුම් සූදානම් කොට ඔවුන් පිරිසිදු කර දියණියන්ගේ කොන්ඩ පීරා  දිරාගිය  යතුරු පැදියක නංවාගෙන කිලෝමීටර් දෙකක් පමණ දුර පිහිටි පාසලට රැගෙන යන්නේ මහ වන මැද මාර්ගයකින් වන අතර  රුවන් කුමාර තම වැඩිමහල් දියණියගේ හිස පීරා කොණ්ඩ කරල් දෙක ගොතනු ලබන්නේ මවක විසින් සිදු කරන ආකාරයටමය.

    ඉතා අලංකාරව ඔහුට කොණ්ඩය ගෙතීමට හැකි අතර කොණ්ඩ ගෙතීමට පුරුදු වුණේ තම  බිරිඳගේ හිස පීරා කොණ්ඩය ගෙතීම සිදු කළ නිසාවෙන් බව  අප සමග හඬා ප්‍රකාශ කළා.

    පසුව නිවසට පැමිණෙන රුවන් තමන් ඇති දැඩි කරන කිරි එළදෙනුන් ගෙන්  කිරි ලබාගෙන ගව ගාල සුද්ද කොට එම සතුන්ට තණකොළ කපා දවසේ වැඩ අරඹන අතර නැවතත් දවල් වන විට දියණියන් දෙදෙනා රැගෙන ඒමට පාසලට යා යුතුව තිබේ.

    අලකොලවැව ප්‍රදේශ්යේ දුෂ්කර අනාරක්ෂිත වන ගහන ප්‍රදේශයක  ජිවත් වන  නිසා ඔහු තම දියණියන් දෙදෙනාගේ ආරක්ෂාව අංක එක ලෙස සලකනු ලබයි.

    මියගිය චමිලා  ජයතිලක මහත්මියගේ පියා අප සමග තම බෑනා පැසසුම්ට ලක් කරන්නට වූ අතර  එවැනි තාත්තා කෙනෙකු ඉතා දුර්ලභ බව එම පියා අප සමග සඳහන් කළා.

    කවීෂා දෙව්මිණී වයස අවුරුදු දහතුනක් වූ දියණිය අප සමග කියා සිටියේ ලෝකයේ සිටින හොඳම තාත්තා තමන්ට හමු වී ඇති බවයි. අම්මා මියයන්නට පෙර සිටම අම්මාගේ කටයුතු පවා තම පියාණන්  අතින්  සිදු වූ බවත්, අදට ද එය නොපිරිහෙලා  තම අයිිිියාට සහ  නංගීට  එක ලෙස සිදුකරන බව ඇය අප සමග පැවසුවා.

    මෙම පියාගේ එකම   බලාපොරොත්තුව තම දියණියන් දෙදෙනාට ආරක්ෂිතව කුඩා කාමර දෙකක් ඉදිකර ගැනීම මෙන්ම තමන්ට ම කියා කිරි එළදෙනක් ලබා ගැනීම පමණක් බවත්, එවිට තමන්ට දරුවන් ආරක්ෂිතව ජීවත් කරවීමට හැකි බව ඔහු ප්‍රකාශ කළා.

    රුවන් කුමාර මහතාට කාගේ හෝ උදව්වක් ලබා දෙන්නේ නම් ඔහුගේ   දුරකථන අංකය 0768596826  ලිපිනය ජී .ජි . රුවන් කුමාර  අලකොලවැව, වැවලවැව , දඹුල්ල.

     

    පෙර පුව​තසොයිසා රෝහලෙන් දුර්ලභ ගණයේ සැත්කමක් සාර්ථකව නිම කරයි
    ඊළඟ පුව​ත මිය ගිය රුසියානු සහාය ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group