මන්නාරම පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය පොලිස් සැරයන්වරයකු ඊයේ 19 අතුරුදන් වී ඇති බව මඩු පොලිසිය පවසයි.
අතුරුදහන් වී ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් 3339 සරත් නමැති නිළධාරියෙකු වන බවද පොලිසිය පැවසූහ.
පොලිස් සැරයන්වරයා ඇතුළු පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර් රථයකින් මඩු කැළෑවට පැමිණි අවස්ථාවේ අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මඩු හා මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් අතුරුදහන් නිළධාරියා සොයා අද 20 උදැසන වන විටත් පරීක්ෂණ මෙහෙයවන බවයි.
අතුරුදහන් නිළධාරියා අද 20 උදැසන වන විටත් සොයා ගැනීමට නොහැකි වු බව පොලිසිය සඳහන් කළහ.
මඩු කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














