ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය පාර්ක් ජින් අතර හමුවක් සිදු වුණා.
ඒ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.එහිදී විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දකුණු කොරියාව, ඉන්දියාව සමඟ පවතින සාර්ථක හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව එහිදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
නිෂ්පාදන අංශයේ සහ ඛනිජ වෙළඳාම, ආයෝජන සහ සැපයුම්දාම ස්ථායීකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.