කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරයQR ක්‍රමවේදය ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබෙනවා.
ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීම උදෙසා මෙම සහනාධාර තේ පොහොර ලබාදීම සුදු කරනු ලබන්නේ.
මේ සදහා මණ්ඩලය විසින් රු. මිලියන 2,000 ක මුදලක් 2025 වර්ෂය සඳහා තේ ගොවීන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙරට තේ දලු නිෂ්පාදනය 75% ක් නිපදවන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් සැලසුම්කොට කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 ක පොහොර මිටියක් සඳහා රු. 2000.00 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ඇති
ඒ අනුව රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.
උණුසුම් පුවත්
- වසරේ ගතවූ කාලය තුළ මැලේරියා රෝගීන්ගේ වර්ධනයක්
- යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්
- මාරක අනතුරු දෙකකින් දරුවෙක් සහ තවත් අයෙක් මරුට
- කුඹුරට ගිය ගොවියා නොඑන ගමන් යයි
- ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
- ඉෂාරා අදත් රැගෙන යයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- අයි.එස්. සංවිධානය ව්‍යාප්ත සල්ලි පොම්ප කළ 15කට එරෙහිව විමර්ශන