දිඹුලපතන පොලිස් වසමට අයත් කොටගල ග්‍රේග්ලි වතුයායට අයත් ඉලුක් රක්ෂිතයක ඊයේ(01) රාත්‍රීයේ හටගත් ගින්නකින් එම ඉලුක් සහිත රක්ෂිතයේ අක්කර 10කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවටයි සැක කරන්නේ.
රාත්‍රී 7ට පමණ හටගත් ගින්න අද(02) අලුයම තෙක් පැතිර ගිය බවත් ගින්න පාලනය කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බව්ත කොටගල ප්‍රදේශවාසීන් පවසනවා.














