
මෙරට තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඒ අනුව සිලෝන් ටී විලේජ් නමින් තේ ගම්මාන 500 ක් ස්ථාපිත කිරීම අරමුණ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.














