ඉන්දියාවේ, තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිස් හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව මළ සිරුරු තිස් එකක් පමණ සුන්බුන් අතර තිබී ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා. පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් හැට දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













