ඉන්දියාවේ, තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිස් හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව මළ සිරුරු තිස් එකක් පමණ සුන්බුන් අතර තිබී ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා. පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් හැට දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














