වයඹ දිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ ප්‍රබල භුකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූකම්පනයෙන් 81 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති අතර 29 දෙනෙකු තුවාල ලැබූ බවයි එරට මාධ්‍යවල සඳහන් වන්නේ.
භූකම්පනය රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් හට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී තිබෙනවා.