තෙවන ජපන්-ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය 2025 ජූලි 30 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
දෙරට අතර විදේශ ප්‍රතිපත්තිවලට අදාළ කරුණු සහ පුළුල් පරාසයක විහිදුණු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවස්ථාව සැලසුණි.
විශේෂයෙන් වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ පොදු අවශ්‍යතා කෙරෙහිද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කරබනු ලැබූ අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිලිබදවද අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ණය තිරසරභාවය සඳහා ගනු ලබන අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය විස්තර කළ අතර, නිල ණයහිමි කමිටුවේ සම සභාපතිවරයා ලෙස ජපානය ඉටු කළ වැදගත් කාර්යභාරයද දැඩි ලෙස අගය කරනු ලැබුවා .