තියුණු ආයුධවලින් පහරදීමෙන් කාන්තාවක් ඝාතනය කර ඇති බව රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙලෙස පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 49ක් පමණ වූ දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.
සිය සැමියා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් අදාළ කාන්තාව මීට මාස කිහිපයකට පෙර ඔහුගෙන් වෙන්ව කාන්තාවගේ මහ ගෙදරට පැමිණ ජීවත්ව සිට තිබෙනවා.
අදාළ කාන්තාව නිවස ඉදිරිපසට වී දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් තියුණු ආයුධවලින් ඇයට පහරදී තිබෙනවා.
ඊයේ(03) රාත්‍රීයේ මෙම පහරදීව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පහැකෑමෙන් පසුව අදාළ කාන්තාව රාජාංගනය යාය 05 මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහලට රැගෙන යන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.