චීන ජාතික කාර්ය මණ්ඩලයක් සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් රඳවාගෙන සිටින බවත්, ඔවුන් තායිවාන ආසන්නයේ මුහුද යටින් දිවෙන සන්නිවේදන කේබලයක් කපා දමන්නට ඇතැයි විමර්ශකයින් විශ්වාස කරන බවත් තායිවානය පවසනවා.
එය චීනය සහ රුසියාව මුහුදේ දී තමාට හිරිහැර කිරීමේ ආකාරයක් ලෙස කේබල් කපා දැමීමේ ක්‍රියාවකට යොමු විය හැකි බවට පළවී තිබූ පූර්ව දැනුම්දීම්වල නවතම සිදුවීමක් බව තායිවානය විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
හානියට පත් කේබලය තායිවානයට අයත් පෙන්ගු දූපත් හා සම්බන්ධ කර ඇති අතර එය ප්‍රධාන දූපතට සැතපුම් 30ක් පමණ බටහිර දෙසින් පිහිටා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තායිවානයේ වෙරළාරක්ෂක බළකාය පවසා තිබුණේ මෙම නවතම සිදුවීම සම්බන්ධයෙන් තමන් තවමත් විමර්ශනය කරමින් සිටින බවයි.
කෙසේවෙතත් කේබලයට හානි සිදු කිරීම හිතාමතා හෝ අහම්බෙන් සිදු වූවක්ද යන්න පිළිබඳව කිසිදු නිගමනයකට පැමිණ නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.