තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබෙනවා.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 16 ක් .
ඉන් 15 දෙනෙකුම තායිලන්ත ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
එමෙන්ම මෙම අර්බුදයත් සමග දේශසීමා ආසන්න ගම්මානවල ජීවත් වූ ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම සටන් විරාමයකට යන ලෙසයි දෙරටේම නායකයින්ගෙන් රටවල් කිහිපයක්ම ඉල්ලා ඇත්තේ.
මේ අතර මෙම උද්ගතවූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













