ත්‍රීරෝද රථයක් මොරගහහේන නගරය ආසන්නයේදී පෙරලී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථ රථයේ රියදුරු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අනතුරු මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය ත්‍රීරෝද රථ රියදුරු හොරන දෙස සිට මොරගහහේන නගරය දෙසට පැමිණීමේදී එකවරම නගරය ආසන්නයේදී ත්‍රීරෝද රථයේ පෙරලී ප්‍රතිවිරුද්ධ දිශාවසට ඇදී ගොස් මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
බරපතල තුවාල ලද ත්‍රිරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.
මොරගහහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.











