අද අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්රදේශයේ පදිංචිව සිටි තරුණියක ඇයගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පසුව අදාළ තරුණයාද තියුණු ආයුධයකින් ගෙල කපා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වන විට මහඔය මූලික රෝහල ප්රතිකාර ලබනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක වන අතර, ඝාතනය සිදු කළ තරුණයා මොණරාගල ප්රදේශයේ පදිංචිකරුවෙක්,උ බවයි සඳහන් වන්නේ. පදියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.