තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළක්
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ ශාන්ත යන අනවරත නාමයෙන් හඳුන්වන අපරාධකරුගේ ඥාතීන් බවයි වාර්තා වන්නේ .
මේ අතර වෙඩික්කක්රුවන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් පිහිටි තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය ආසනයේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය විසින් සොයාගෙන තිබූනා.













