ඩොලරයේ අගය පහත දැමුවද භාණ්ඩ මිල පහත දැමීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආර්ථිකය හැකිලි යන අවස්ථාවේදී භාණ්ඩ මිලදී ගැනිමේ හැකියාව ජනතාවගෙන් ගිලිහි යන බවත්, මේ හේතුවෙන් උද්ධමනය පහළ බසින බවටත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්රමුඛ පක්ෂයේ ක්රියාකලාපයන් පිළිබදව ඊයේ පැවති ජන හමුවකදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.