
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව, ඊයේ දින දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530ක් බව සඳහන්.














