ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන ඩිස්ට්‍රප්ට් ආසියා 2025 කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුනා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රටවල් 20ක පමණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටිනවා.
ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවයි.
ඒ සදහා විධිමත් නිසි සැලස්මක්ද මේ වන විට රජය සතුව පවතින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.