ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක්වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිදු කළ වැඩි දුර විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ මෙම සැකකරු ඩෑන් ප්‍රියසාදුගේ සහෝදරයාගේ ඝාතනයටත් සම්බන්ධ අයෙක් බවයි.
සමාජ ක්‍රියාකාරියෙකු සහ පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 22වනදා රාත්‍රියේ මියගියා.
වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
උණුසුම් පුවත්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට














