රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය ටොෆි සහ චොකලට් ඇසුරුම් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන රැගෙන ඒමට උත්සාහ කර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ 45 හැවිරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවි සැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙක් වනවා
ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 40ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබනෙවා.












