ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ ( 11) සමත් වුණා.
ඒ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිීය කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි.
අනතුරුව ඕස්ටේරලියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදීයි.
අවසන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 163 ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ්.
මේ අතර ටෙස්ට් ශූරතාව දිනාගත් ඕස්ටේරලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් රුපියල් කෝටි 48ක පමණ මුදලක් පිරිණැමුණු අතර, අනුශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් පිරිණැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













