සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.ඳා
2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ භාෂණයේ නිදහස සදහා දැඩි සීමා පනවා තිබෙනවා.
ටියුනීසියාවේ මෙවැනි අධිකරණ තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව වන්නේද මෙය වීම විශේෂත්වයක්.
මෙලෙස දඬුවම් නියම ව ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක් බවයි..
ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆෙස්බුක් සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කළ බවයි.
කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














