අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැනවු තහනම් නියෝගය අද සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම තහනම පනවා තිබෙනවා.
ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් සඳහා ද අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බව සදහන්.