වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ එම ජලාශ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, මහකනදරාව, රාජාංගන ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශයද පවතින බවයි.
එමෙන්ම රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් මේ වන විට තත්ත්පරයට ඝන අඩි 6476ක ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතිනවා.
අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්ත්පරයට ඝන අඩි 1164ක ජල ප්‍රමාණයක්ද කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළා.
මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීම කර ඇතැත් නිකුත් කරන ජල ප්‍රමාණය අවම බැවින් එම ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමන් නොමැති බවයි ඉංජිනේරුවරයා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










