ජර්මනියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ජර්මනියේ හැම්බර්ග් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ මෙම පිහි ඇනුම සිදුව තිබෙනවා.
පිහි ඇනුම සිදුකළ 39 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
තුවාල ලැබු පුද්ගලයින් 18 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය පවසනවා.
පිහි ඇනුම තනිව සිදුකළ ප්‍රහාරයක් වන අතර ඊට දේශපාලනික පසුබිමක් නොමැති බවයි පොලිසිය තවදුරටත් අවධාරණය කරන්නේ.