රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙකු වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් හෙවත් ටෙරී බොලියා මිය ගොස් තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇමෙරිකාවේ, ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මිය යන විට 71 වන වියේ පසු වුණා. මොහු උපතින් ටෙරී බොලියා වුවද, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින් වීම විශේෂත්වයක්. 1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙන් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ඩබ්ලිව් ඩබ්ලිව් ඊ හෝල් ඔෆ් ෆේම් යන නාමාවලියටද හල්ක් හෝගන්ගේ නාමය එක් වුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













